බොලිවුඩයේ නැගී එන මුස්ලිම් නිළියක වූ 18 හැවිරිදි සයිරා වසීම් සිය ආගම හේතුවෙන් සිනමා දිවියට සමුදීමට තීරණය කර තිබේ.
තමා ගමන් කළ මාර්ගය අතිශය දුෂ්කර වූවක් බවත්, මේ වෙනුවෙන් තමා තුළම දැඩි ගට්ඨනයක් පැවති බවත් ඇය දීර්ඝ ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ඇයගේ මෙම සමුගැනීම සම්බන්ධයෙන් ඉන්දීය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර, බොහෝ දෙනෙකු ඇය සිනමාව අත්හැරීමේ හේතුව දැඩිව විවේචනයට ලක්කර ඇති බව කියයි.
2016 වසරේදී බොලිවුඩයේ අතිශය ජනාදරයට පත් දන්ගල් චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසි වසීම්ට සිනමා දිවිය තුළ දිගු ගමනක් පැවති බව බොහෝ දෙනෙකු පවසා තිබේ.
ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයෙන් පැමිණි නිළියක වන වසීම්, රඟ දක්වා ඇති ද ස්කයි ඊස් පින්ක් චිත්‍රපටය තිරගත වීමට නියමිත අතර, ඇයගේ මෙම තීරණයත් සමග එය ඇය රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය විය හැකිය. එම චිත්‍රපටයේ ප්‍රියංකා චොප්රාද රංගනයෙන් දායක වන අතර, මෙම වසර අවසානයේදී තරගත වනු ඇත.