යුරෝපීය ඖෂධ ඒජන්සිය හරහා වඩාත් සවිස්තරාත්මක ප්රතිලාභ-අවදානම් විශ්ලේෂණයක් අපේක්ෂා කරමින් වයස අවුරුදු 41ට අඩු අයට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හි කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට අන්තර් අමාත්‍යංශ සමුළුව තීරණය කර ඇතැයි බෙල්ජියමේ ෆෙඩරල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යවරු පවසති.
මෙම එන්නත ලබාගත් වයස අවුරුදු 40ට අඩු කාන්තාවක් මැයි මස 21දා බෙල්ජියමේදී දරුණු ත්‍රොම්බොසිස් හා පට්ටිකා ඌනතාවයෙන් මියගොස් තිබීම මීට හේතු වී ඇත.
යුරෝපීය ඖෂධ ඒජන්සියෙහි එන්නත් ආරක්ෂක කමිටුව කියා සිටියේ දුර්ලභ රුධිර කැටි ගැසීම් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අතර සම්බන්ධයක් ඇති බව සඳහන් කර සිටියත්, වයස් සීමාවන් තවමත් නිර්දේශ කර නැත.
නමුත් බෙල්ජියම මෙසේ වයස අවුරුදු 41ට අඩු අයට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබාදීම අත්හිටුවමින් ඒ වෙනුවට වෙනත් එන්නතක් ලබාදෙන බව පවසා තිබේ. මේ තත්ත්වය තුළ එරට එන්නත්කරණයේ වේගය අඩුවනු ඇති බවද කියයි.
කෙසේ වෙතත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත වයෝවෘද්ධ අයට සහ ස්ථිර නිවාසයක් නොමැතිව දිවි ගෙවන අයට දිගටම භාවිත කරන බව බෙල්ජියම පවසයි.
වසංගතයේ ආරම්භයේ සිට බෙල්ජියමේ කොවිඩ්-19 ආසාදිතයන් 1,050,677ක් සහ මරණ 24,873ක් වාර්තා වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අඟහරුවාදා නිකුත් කරන ලද තොරතුරුවලට අනුව ගෝලීය වශයෙන් එන්නත් අපේක්ෂකයන්ගේ එන්නත් 285ක් තවමත් සංවර්ධනය වෙමින් පවතී. ඉන් 101ක් ජර්මනිය, චීනය, රුසියාව, බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල සායනික අත්හදා බැලීම් සිදුවෙයි.