බ්රසීලයේ පතල් සමාගමක් ආශ්රිතව පසුගිය සිකුරාදා වේල්ලක් කැඩී යාමෙන් සිදුවූ මහා ඛේදවාචකය සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලදී පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වේල්ල අයත් පතල් භූමියේ ආපනශාලාවේ සහ අසල් නිවෙස්වල සිටි පුද්ගලයන් 65ක් පමණ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් සිය ගණනක් අතුරුදන්ව සිටිති.
අභිචෝදකයන් පවසා සිටියේ අත්ඩංගුවට පත් පුද්ගලයන් අදාළ පතල් සමාගමේ නිලධාරීන් සහ මෙම පතල කර්මාන්තය වෙනුවෙන් පාරිසරික බලපත්ර ලබාදුන් නිලධාරීන්ය.
මේ අතර, අදාළ සමාගම පවසා සිටියේ මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් තම සහයෝගය ලබාදෙන බවයි.
බ්රසීලයේ පිහිටි මෙම සමාගම වානේ සහ නිකල් නිෂ්පාදනයේ එරට පිහිටි විශාලතම සමාගම ලෙස සැලකෙන අතර, ඊට අනුබද්ධ ආයතනයක ඉංජිනේරුවන් දෙදෙනෙකුද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.