ගිනිකොණදිග බ්රසීලයේ, සාඕ පෝලෝ නුවර පාසලකට කඩා වැදුණු තරුණයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් එම පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් 7 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට වේලාවෙන් අද (13දා) උදෑසන 9.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එහිදී තවත් සිසුන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීම් සිදුකර ඇති තරුණයන් දෙදෙනා පසුව වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවය.
බ්රසීලය තුළ ගිනිඅවි ආශ්රිත අපරාධ සුලභ කාරණයක් වුවත්, පාසල් තුළ සිදුවන මෙවැනි ප්රචණ්ඩක්රියා එරටින් මීට පෙර වාර්තා නොවීය.
මේ අතර, අන්ත දක්ෂිණාංශික නව ජනපති ජෙයර් බොල්සොනාරෝ මෑතකදී එරට බලයට පත්වූයේද රට තුළ ගිනිඅවි අපරාධ මැඬපවත්වන බවට ප්රතිඥා දෙමිනි.
කෙසේ වෙතත්, මෙම පාසල් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොතිබුණත්, වෙඩි තැබීම් සිදුකර ඇති තරුණයන් දෙදෙනා එම පාසලේම ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුම බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.