බ්‍රසීලයේ ප්‍රකට ප්රවෘත්ති නිවේදනයෙකු මෙන්ම ජනමාධ්‍යවේදියෙකු වූ රිකාඩෝ බෝෂ් හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට සාඕ පෝලෝ නගරයේ රථ වාහන තදබදය පාලනය කිරීම සඳහා වූ මාර්ග පද්ධතියක ගමන් කළ ලොරියක හෙලිකොප්ටරය ගැටී ඇති අතර, අනතුරින් හෙලිකොප්ටරයේ නියමුවාද ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසේ වෙතත්, හෙලිකොප්ටරය හා ගැටුණු ලොරියේ රියදුරු ජීවිතය බේරාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
66 හැවිරිදි වියේ පසුවන රිකාඩෝ සම්මානනීය ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදකයෙකු වන අතර, ඔහුගේ සහෘදයන් පවසන්නේ එය බ්‍රසීල මාධ්‍ය ඉතිහාසයේ අතිශය ඛේදජනක අවස්ථාවක් බවයි.
බෑන්ඩ්නිව්ස් එෆ්එම් සමග ඔහු උදෑසන සිදුකරන ගුවන්විදුලි වැඩසටහන අවසන් කර පැය කිහිපයකට පසුව මෙම අනතුර සිදුව ඇත්තේ, අදාළ මාර්ගය ආසන්නයෙන් හෙලිකොප්ටරය ගොඩබස්වන අවස්ථාවේදීය.