බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ නගරයේ ජාතික කෞතුකාගාරයේ ඇති වූ ගින්නකින් කෞතුක භාණ්ඩ මිලියන 20කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව විශ්වාස කරයි.
බ්‍රසීලයේ පැරණිතම විද්‍යා ආයතනය ලෙස සැලකෙන මෙම කෞතුකාගාරය තුළ ඇමෙරිකාවෙන් සොයාගත් පැරණිතම මානව කොටස්ද පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
බලධාරීන් විශ්වාස කරන්නේ මිලකළ නොහැකි මේ භාණ්ඩ පවා විනාශ වන්නට ඇති බවයි.
වරෙක පෘතුග්‍රීසි රාජකීය පවුලේ වාසස්ථානය ලෙසද සැලකුණු මෙම මන්දිරය, පසුව කෞතුකාගාරයක් බවට පත්වූ අතර, එය මෙම වසරේදී 200 වැනි සංවත්සරයද සමරනු ලැබීය.
ඉරිදා රාත්රියේදී ගින්න ඇතිවී තිබුණු අතර, එම අවස්ථාවේදී කෞතාකාගාරය වසා දමා පැවති බවද කියැවෙයි.
එම අවස්ථාවේ සිට ගිනි නිවන භටයන් විශාල පරිශ්‍රමයක් දරමින් ගින්න මැඩපැවැත්වීම සඳහා උත්සාහ කරමින් සිටියහ.
කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොතිබුණි.