බ්‍රසීලයේ මිනාස් ජෙරෙයිස් ප්‍රාන්තයේ ඇති වූ ධාරාණිපාත වැසි හේතුවෙන් හටගත් ගංවතුර හා නායයෑම් නිසා පුද්ගලයින් 30ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හදිසි සේවා දෙපාර්තමේන්තුව පවසයි.
සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් විපතට පත්වූවන්ගෙන් බොහෝ දෙනෙක් නායයෑම්වල හෝ ගංවතුරෙන් ගසාගෙන ගොස් ඇත.
2,500කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති අතර, දේශීය මාධ්‍ය හරහා සම්පූර්ණයෙන් මඩ තට්ටු යට සැඟවී ගිය නිවාසවල රූපරාමු විකාශය කර තිබුණි.
මෙම ආපදා තත්ත්වයෙන් පුද්ගලයන් 17 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඉරිදා රාත්‍රියේද ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පැවතිණි.
මිනාස් ජෙරෙයිස් ප්‍රාන්තයේ අගනුවර වන බෙලෝ හොරයිසොන්ටේ පැය 24 ක කාලයක් තුළ සෙන්ටිමීටර 17 (අඟල් හතක්) වර්ෂාපතනයක් ලැබී ඇති බව බ්‍රසීලි කාලගුණ සේවය සෙනසුරාදා ප්‍රකාශ කළේය.
බ්‍රසීලයේ දෙවැනි වැඩිම ජනගහනය සහිත නගර සභා 40කට පමණ මෙම ධාරාණිපාත වර්ෂා තත්ත්වය බලපා තිබේ.