කොවිඩ්-19 වසංගතයෙන් බ්‍රසීලයේ මියගිය සංඛ්‍යාව 400,000ක් ඉක්මවා ගොස් ඇත්තේ, වසංගතය හමුවේ මෙතෙක් ලොව දෙවනුවට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන රට ලෙසිනි.
වසංගතය හමුවේ මුල සිටම දැඩිව බැට කෑ බ්‍රසීලය ප්‍රමාණවත් එන්නත් ලබාගැනීමට රටක් ලෙස මහත් පරිශ්රමයකද නිරත වෙයි. එහිදී ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ රජය මෙම අර්බුදය උග්‍ර කර තිබේදැයි සෙනෙට් සභාව විමර්ශනය කරමින්ද සිටියි.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 3,001ක් වාර්තා කර ඇති අතර, බ්‍රසීලයේ සමස්ත සංඛ්‍යාව 401,186 ක් දක්වා ඉහළ ගොස් තිබේ.