බ්‍රසීලයට ඇතුළු වන වෙනිසියුලානු සරණාගතයන් රැඳී සිටින කඳවුරු භූමියකට එල්ල වූ ප්‍රහාරයද නොතකා විශාල සංක්‍රමණිකයන් පිරිසක් බ්‍රසීලය වෙත පැමිණෙන බව විදෙස් වාර්තා පවසයි.
බ්‍රසීල හමුදා ප්‍රකාශකයා පවසා සිටියේ සඳුදා දිනයේදී පමණක් 900ක පමණ වෙනිසියුලානුවන් පිරිසක් රෝරාරිමා පළාතෙන් බ්‍රසීලය වෙත දේශසීමා ඇතුළුවූ බවයි.
මෙය ඔවුන් සාමාන්‍යයෙන් දිනකට බලාපොරොත්තු වන සංක්‍රමණිකයන් ප්‍රමාණය අභිභවා යෑමක් බවද හමුදා ප්‍රකාශකයා සඳහන් කරයි.
වෙනිසියුලා ආර්ථිකය කඩා වැටීමත් සමග ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ එරට ජීවත්වන ජනතාව මේ ආකාරයෙන් තම රාජ්‍ය අත්හැර යමින් සිටියි.
එමෙන්ම, වෙනිසියුලා රජය නැවත නැවත අලුතින් මුදල් අච්චු ගැසීම නිසා එරට ආර්ථිකය තව තවත් අගධයට යමින් පවතින බවද ආර්ථික විශ්ලේෂකයෝ පවසති.