බරින් අඩුම පිරිමි දරුවා ලෙස මෙළොව එළිය දුටු ජපාන ජාතික බිළිඳෙකු මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් රෝහලෙන් පිටව ගොස් තිබේ.
මෙම දරුවා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී උපදින විට ඔහුගේ බර ග්‍රෑම් 268ක් විය.
ඒ අනුව උපත ලද දිනයේ සිට හදිසි ප්‍රතිකාර ඒකකයේ සිටි දරුවා, මේ වනවිට කිලෝගෑම් 3.2ක් බර දරුවෙකු බවද ජපාන මාධ්‍ය පවසයි.
සති 24න් උපත ලැබූ දරුවා මාස 5ක කාලයක් රෝහලෙ රැඳී සිට තිබේ.
දරුවාගේ මව පවසා තිබුණේ මේ තරම් පුංචියට දුටු තම දරුවා අද දකින තරම් ලොකු වනු ඇතැයි තමා නොසිතූ බවයි. දරුවාගේ ජීවිතය පිළිබඳ දැඩි බියකින් පසු වුවත් දැන් තමාට දැනෙන සතුට කියා නිමකළ නොහැකි බවද ඇය කියයි.