දැඩි වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති කළු රයිනෝ සතුන් පිරිසක් දකුණු අප්‍රිකාවේ සිට මලාවි වෙත ගෙනයාමට බ්‍රිතාන්‍ය හමුදා උදව් කර තිබේ.
අං සඳහා දඩයම් කරන ලද සතුන් 17 දෙනෙකු ඔවුන් වඩා හොඳින් ආරක්ෂා කර ගත හැකිය යන බලාපොරොත්තුවෙන් 2 වැනි බලඇණියේ රාජකීය ගුර්කා රයිෆල් බලකායේ සෙබළුන් විසින් මෙසේ රැගෙන ගොස් තිබේ.
ඔවුන් දකුණු අප්‍රිකාවේ ක්වාසුළු-නටාල් සිට මලාවි හි ලිවොන්ඩේ ජාතික උද්‍යානය දක්වා ගුවන් මාර්ගයෙන් ප්‍රවාහනය කරනු ලැබිණි.
පසුව මාස තුනක කාලයක් ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා භට පිරිස් කටයුතු කර ඇති අතර, මෙහෙයුම අති සාර්ථක බවද හමුදාව පවසා තිබුණි.