හංගේරියාවේ ස්ථානගතව සිටි බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු කොවිඩ්-19 වෛරසය වැළඳී මියගොස් ඇති බව එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලය නිවේදනය කරයි.
37 හැවිරිදි ස්ටීවන් ඩික් බුඩාපෙස්ට් හි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිට ඇත.
කොවිඩ්-19 වෛරසයට ගොදුරුව සිටි පසුගිය අඟහරුවාදා මියගොස් ඇති බව විදේශ කටයුතු කාර්යාලය වැඩිදුරටත් කියයි.
එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩොමිනික් රාබ් පැවසුවේ, “ස්ටීවන්ගේ මරණය පිළිබඳ පුවත අසා මා අතිශයින් කණගාටු වුණා. මගේ බලවත් ශෝකය ඔහුගේ දෙමව්පියන් වන ස්ටීවන් සහ කැරොල් වෙත ප්‍රකාශ කර සිටිනවා.” යනුවෙනි.