මහා බ්‍රිතාන්‍යයේ ඉහළම ධන කුවේරයන්ගේ ලැයිස්තුවේ තුන්වැනි වරටත් ප්‍රමුඛස්ථානය ගැනීමට හින්දුජා සහෝදරයන් සමත්ව ඇති බව සන්ඩේ ටයිම්ස් ධනවතුන්ගේ නවතම ලැයිස්තුව පෙන්වා දෙයි.
ශ්‍රී සහ ගෝපි ඉන්දුජා සහෝදරයන් පසුගිය වසරේදී සිය වත්කම් ස්ටර්ලිං පවුම් බිලියන 1.356කින් වර්ධනය කර ගනිමින් ස්ටර්ලිං පවුම් බිලියන 22ක වත්කමකට හිමිකම් කියන බව එම පුවත්පත පවසයි.
කෙසේ වෙතත්, පසුගිය වසරේ පුවත්පත ප්‍රකාශයට පත්කළ ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹුණු රසායනික ද්‍රව්‍ය සමාගම් හිමිකරු සර් ජිම් රැට්ක්ලිෆ් මෙවර ලැයිස්තුවේ තුන්වැනි තැනට පත්ව තිබේ.
මීට අමතරව, මෙම ලැයිස්තුවට ඇතුළු වූ ප්‍රථම කළු ජාතික ව්‍යාපාරික කත ලෙස වැලේරි මොරාන් පත්ව තිබේ.
පවුලේ ව්‍යාපාරයක් ලෙස හින්දුජා සමූහය වර්ෂ 1914දී ඉන්දියාවේ මුම්බායි නුවරදී අරඹා ඇති අතර, මේ වනවිට එම සමූහය ඉන්ධන, ගෑස්, බැංකු, තොරතුරු තාක්ෂණ සහ දේපළ වෙළෙඳාම් යන ක්ෂේත්රවල ලොව පුරා ව්‍යාපාර රැසකට හිමිකම් කියයි.