බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් තමාට දැනෙන දැඩි වේදනාව ප්‍රකාශ කරන යුරෝපා සංගමයේ ප්‍රබල නිලධාරියෙක් බ්‍රිතාන්‍ය යළි පැමිණෙන්නේ නම් සාදරයෙන් පිළිගන්නා බව එරට වෙත විවෘත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.
යුරෝපීය කොමිසමේ උප සභාපති ෆ්රාන්ස් ටිමර්මන්ස් මෙම ලිපිය ගාඩියන් පුවත්පතේ පළ කර ඇති අතර, එය හඳුන්වා ඇත්තේ බ්‍රිතාන්‍යයට යැවුණු ආදර හසුනක් ලෙසිනි.
"මම බ්‍රිතාන්‍ය පාසලකට ගියදා සිට, ඔබ සැමවිටම මගේ කොටසක් වී තිබුණා. දැන් ඔබ පිටත්ව යන අතර එය මගේ හදවත බිඳ දමන්නක්" යනුවෙන් ගාඩියන් පුවත්පතේ ඔහු සඳහන් කර ඇත.
එක්සත් රාජධානිය 2020 ජනවාරි 31 වැනි දින යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව ඇති අතර, අගමැති බොරිස් ජොන්සන්ගේ බ්‍රෙක්සිට් සැලසුම පසුගිය දෙසැම්බර් 20 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සම්මත කරන ලදී.
මෙය ජොන්සන්ගේ යුරෝපා සංගම් (ආපසු ගැනීමේ ගිවිසුම) පනත් කෙටුම්පත 2020 ඉක්මවා නොයන බවට සහතික වන සාකච්ඡා සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක් බවට පත්ව ඇත.