මහා බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ විසින් ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාවලිය එරට මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇගේ රජය විශ්වාසභංගයකට මුහුණ දෙමින් සිටියි.
යුරෝපා සංගමයෙන්, බ්‍රිතාන්‍ය වෙන්වීමේ මෙම යෝජනාවලිය ඡන්ද 230කින් පරාජයට පත්වීමත් සමග මහ මැතිවරණයක් වෙත යා යුතු බවට කම්කරු පක්ෂය පවසා සිටියි.
නමුත්, අගමැති තේරේසාගේ රජයට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය සම්පූර්ණයෙන් සාර්ථක නොවනු ඇති බවටද මතයක් පවතින්නේ උතුරු අයර්ලන්ත ඩී.යූ.පී පක්ෂ්ය සහ තවත් පක්ෂ කිහිපයක් ඇයට සහාය දක්වන බව පවසා ඇති බැවිනි.
කෙසේ වෙතත්, අද (16දා) ග්‍රිනීච් වේලාවෙන් සවස 7.00ට විශ්වාසභංග ඡන්ද විමසීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත.