එලැඹෙන ජුනි මාසයේ පළමු සතියේදී බ්‍රෙක්සිට් ඡන්ද විමසීමෙන් පසුව මීළඟ බ්‍රිතාන්‍ය අගමැතිවරයා තෝරාපත් කරගැනීම වෙනුවෙන් වූ ඡන්දයට දින නියම කරගැනීමට අගමැති තෙරේසා මේ පොරොන්දු වී තිබේ.
අගමැතිනිය සහ ටෝරි මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එලැඹ ඇති අතර, ඔවුන් මීළඟ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් සිටි කණ්ඩායමයි.
කෙසේ වෙතත්, මෙය සිදුවන්නේ මෙවර බ්‍රෙක්සිට් ඡන්ද විමසීමෙන් යළිත් වරක් එම සැලසුම ප්‍රතික්ෂේප වුවහොත්ය. මීට පෙර ඇය ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් සැලසුම් තෙවරක්ම ප්‍රතික්ෂේප විය.
මේ අතර, බොරිස් ජොන්සන් පවසන්නේ අගමැතිවරියගෙන් පසුව තමා බ්‍රිතාන්‍ය අගමැති ධුරය සඳහා තරග කරන බවය.
පසුගිය වසරේ අගභාගයේදී කන්සවේටිව් මන්ත්‍රීවරුන් ගෙනා විශ්වාසභංගයෙන්ද අගමැතිනිය යන්තමින් ගැලවුණු අතර, මේ හේතුවෙන් ඇයට එලැඹෙන දෙසැම්බරය දක්වා බලයේ රැඳී සිටීමට හැකියාවත් පැවතියත්, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හමුවේ ඇයට ධුරයෙන් ඉවත්වන ලෙස දැඩි බලපෑමක් පවතී.