යුරෝපා සංගමය සමග තවදුරටත් රැඳී සිටීම හැර, වෙනත් ඕනෑම ආකාරයක බ්‍රෙක්සිට් ක්‍රියාවලියක් නිසා මහා බ්‍රිතාන්‍ය දුගී රාජ්‍යයක් බවට පත්වනු ඇතැයි එරට මහා භාණ්ඩාගාරයේ විශ්ලේෂණයක් පෙන්වා දී තිබේ.
එම නිල වාර්තාවට අනුව, යුරෝපා සංගමය සමග රැඳී සිටීම හැර අගමැතිනී තේරේසා මේ ඉදිරිපත් කරන වසර 15ක බ්‍රෙක්සිට් සැලසුමෙන් පසුව මහා බ්‍රිතාන්‍යයේ ආර්ථිකය 3.9%ක් දක්වා පහළ යනු ඇත.
නමුත්, බ්‍රෙක්සිට් ක්‍රියාවලියක් නොමැති නම්, එය 9.3%ක් දක්වා ඉහළ යනු ඇති බව නවතම පුරෝකථන පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ මෙම බ්‍රෙක්සිට් ගිවිසුම පිළිබඳ වඩාත් සුබවාදීව දකින අතර, යුරෝපය සමග අවසන් එකඟතාවකට පැමිණීමට සූදානමින් සිටියි.