බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ගැන බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ විසින් යුරෝපා සංගම් සමුළුවේදී සිදුකළ ප්‍රකාශයෙන් පසු ස්ටර්ලිං පවුම ප්‍රබල කඩා වැටීමකට ලක්ව තිබේ.
යුරෝපා සංගමයේ රාජ්‍ය නායකයන් විසින් බ්‍රිතාන්‍ය වෙත පසුගියදා අනතුරු ඇඟවීමක් සිදුකරනු ලැබුවේ ඔවුන් ආරක්ෂිත බ්‍රෙක්සිටි වෙළඳ ගනුදෙනුවකට පිවිසීමට නම් ඔවුන්ගේ වෙළෙඳාම සහ අයර්ලන්ත දේශසීමා සම්බන්ධයෙන් පුළුල් සම්මුතියකට පැමිණිය යුතු බවටය. මෙම අනතුරු ඇඟවීමෙන් පසුවද බ්‍රිතාන්‍ය පවුම කඩා වැටෙන ආකාරය දැකගත හැකි විය.
එමෙන්ම, පසුගියදා තේරේසා මේ විසින් සිදුකළ 'නරක ගනුදෙනුවකට වඩා කිසිම ගනුදෙනුවක් නොමැතිව සිටීම හොඳයි' කියූ ප්‍රකාශයෙන් පසුව යළිත් වරක් ස්ටර්ලිං පවුම කඩා වැටෙමින් පවතින බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව, මේ වනවිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍යයේ ස්ටර්ලිං පවුම 1% සිට 1.5%ක පමණ පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
විශේෂයෙන්ම, තේරේසා මේ විසින් සිදුකළ ප්‍රකාශයෙන් පසුව මෙම වසරේදී දිනක් තුළ ස්ටර්ලිං පවුමේ වේගවත්ම කඩා වැටීම එසේ වාර්තා වූ බවද සඳහන් වෙයි.
මේ අතර, යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව ස්ටර්ලිං පවුම 1.1%ක කඩා වැටීමක් මෙම සිද්ධියෙන් පසුව වාර්තා කර ඇති බව වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි.