ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඇමෙරිකාව තුන්වැනි ලෝකයේ බනානා රිපබ්ලික් රාජ්‍යයක් බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ආර්ථික සහ දේශපාලනික වශයෙන් අස්ථාවර රාජ්‍යයන් බනානා රිපබ්ලික් රාජ්‍යයන් ලෙස සැලකෙන අතර, 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිය ප්‍රථම ජනරැළිය අමතමින් ට්‍රම්ප් මෙසේ පවසා සිටියේය.
තමා ලබන වසරේ බලයට පත්වූ වහාම පළිකුළ උපදවන දේශපාලන සංස්කෘතිය ජනපති මැදුරෙන් ඉවත් කරන බවද අවධාරණය කළේය.
එමෙන්ම යුක්රේන යුද්ධය අවසන් කිරීමටද පියවර ගන්නා බව ට්‍රම්ප් පවසා සිටියේ ටෙක්සාස් හි පැවති ජනරැළියට සහභාගී වී සිටි දහස් සංඛ්‍යාත ජනතාව අමතමිනි.