එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් හේතුවෙන් එය ලන්ඩනයේ ස්ටෑන්ස්ටෙඩ් ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.
AI191 ගුවන් යනාය ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපොළේ සිට එක්සත් ජනපදයේ නෙවාක් ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබියදී මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇත.
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ටයිෆූන් ප්‍රහාරක යානයක් මෙම යානය ගොඩබෑම සිදුවන අවස්ථාව දක්වා එය පසුපසින් ගමන් කර ඇති බවද කියයි.
යානයේ බෝම්බ බියක් පවතින බව ඔවුන් මුලින්ම ට්විටර් පණිවුඩයකින් දන්වා සිටියත්, එය කිසිවෙකු විසින් සිදුකළ නොමග යැවීමක් ලෙස විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, හදිසි ගොඩබෑමකට ලක්කළ යානය ගුවන් තොටුපළේ හුදකලා ප්‍රදේශයක රඳවා සෝදිසි කිරීම් සිදුකරන බව සඳහන් වෙයි.
එමෙන්ම, යානයේ කොපමණ මගීන් පිරිසක් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් සිටියේද යන්න මෙතෙක් පැහැදිලි නැත.