බංග්ලාදේශයේ දැවැන්ත පද්මා ගංගාවේ ඊයේ (03දා) සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.
මධ්‍යම මදරිපූර් දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන මිරාජ් හුසේන් පැවසුවේ අනතුරින් මියගිය අයගේ මළ සිරුරු 26ක් සොයාගෙන ඇති අතර, සමහර ඒවා තවමත් අතුරුදන්ව ඇති බවයි.
එසේම පස් දෙනෙකු බේරාගෙන රෝහලට යවා ඇතැයිද ඔහු පැවසීය.
ආරක්ෂිත ප්රමිතීන් නොමැතිව පුළුල් ගංගා ආශ්‍රිතව බෝට්ටුවලින් ජනතාව ප්‍රවාහනය කරන ආකාරය බංග්ලාදේශයේ දැකිය හැකි අතර, මේ හේතුවෙන් සිදුවන අනතුරුවලදී සෑම වසරකම සිය ගණනක් දෙනා මියයයි.