බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූ 'හසීනා, අ ඩෝටර්ස් ටේල්' නම් වූ සිනමා කෘතියෙහි ටේල් (Tale) යන වචනය 'Tail' යනුවෙන් වැරදි ලෙස ප්‍රසිද්ධ කිරීමෙන් දැඩි ආන්දෝලනයක් ඇතිව තිබේ.
ඩකා අගනුවර සිනමා ශාලාවක මෙම දැන්වීම ප්‍රචාරය කර ඇති අතර, ඇගේ පක්ෂයේ හිටපු නියෝජිතයෙකු පෙන්වා දී ඇත්තේ මෙසේ සතෙකුගේ වලිගයක් අර්ථ දැක්වෙන ලෙස අගමැතිවරියට අපහසා කිරීම සම්බන්ධයෙන් වරද නිවැරදි කර සමාව නොගතහොත්, ඔවුන්ට ඇ.ඩො.මිලියන 90ක වන්දියක් ඉල්ලා නීතිමය පියවර ගන්නා බවයි.
ලබන වසරේදී බංග්ලාදේශය මහ මැතිවරණයට සූදානම් වන අතර, අගමැතිනී හසීනා මෙන්ම, ඇගේ අවාමි ලීගය යළිත් වරක් එරට බලයට පැමිණීමට සූදානමින් සිටියි.
මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වුවද, ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ අදහස් දක්වන බවද බංග්ලාදේශ මාධ්‍ය පෙන්වා දෙයි.