ආරම්භයේදී 5 වැනි ප්‍රමාණයේ සුළි කුණාටුවක් ලෙස වර්ග කර, මේ වනවිට 3 වැනි ප්‍රමාණයේ සුළි කුණාටුවක් බවට පත්ව ඇති ඉටා චණ්ඩ මාරුතය පැයට සැතපුම් 105ක වේගයෙන් හමායන සුළං සමග ඔස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්තයට කඩා වැදී ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට සුළි කුණාටුව කේප් ෆ්ලැටරි වෙරළාශ්‍රිත කලාපයට ළඟා වී ඇති අතර, එය දකුණු හා නිරිතදිග කලාප වෙත ගමන් කරනු ඇති බව එරට කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි.
මුලින් සඳහන් කළ ආකාරයට ඉටා චණ්ඩ මාරුතය පැයට සැතපුම් 177ක පමණ වේගයෙන් සුළං බලාපොරොත්තු විය හැකි 5 වැනි ප්‍රමාණයේ චණ්ඩ මාරුතයක් විය හැකි බවට අනාවැකි පළ කෙරිණි.
නමුත්, එය ක්‍රමයෙන් 4 වැනි හා 3 වැනි ප්‍රමාණයේ චණ්ඩ මාරුතයක් බවට මේ වනවිට පරිවර්තනය වී ඇතැයි කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි.
මේ අතර, වෙරළාශ්‍රිතව චණ්ඩ මුහුදු රලින් හානි පැමිණවිය හැකි බවත්, කුණාටුව සමග දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් පෙන්වා දෙන අතර, ඒ ආශ්රිත නිවෙස් හිමියන්ටද ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස අනතුරු අඟවා තිබේ.
මෙම චණ්ඩ මාරුතය 2011 වසරේ බලපෑ යාසි චණ්ඩ මාරුතයෙන් පසුව ක්වීන්ස්ලන්තයට බලපාන ප්රබලතම චණ්ඩ මාරුතය වනු ඇති බවද කියැවෙයි.