පැසිෆික් සාගරය හරහා වර්ග කිලෝමීටර් 150ක පමණ විශාලත්වයකින් යුතු ගිනිකඳු ආශ්‍රිතව දැවැන්ත පාෂාණ පහුරක් ගලා ගිය බව වාර්තා වෙයි.
මෙම දැවැන්ත පාෂාණ පහුර දැවැන්ත පාපන්දු ක්‍රීඩාංගණ 20,000ක පමණ විශාලත්වයකින් යුතු වූවක් බව ඔස්ට්‍රේලියානු නාවිකයන් පිරිසක් කියති.
පසුගිය අගෝස්තු 7 වැනිදා ටොන්ගා දූපත් ආශ්‍රිතව සාගර පතුලේ ඇති වූ ගිනිකඳු පිපිරීමකින් ඇති වූ පාෂාණ පහුරක් ලෙස මෙය සැලකෙයි.
ඒ අනුව, මෙම නාවිකයන් පිරිස අදාළ පාෂාණ සම්බන්ධයෙන් එම කලාපයේ ගමන් ගන්නා නැවියන්ට අනතුරු ඇඟවීමක්ද කර තිබේ.
ජලයේ පාවෙන සැහැල්ලු පාෂාණ, ලෝදිය දැඩි සීත ජලය අතරින් ගමන් කිරීමේදී ඇතිවන පාෂාණ විශේෂයක් ලෙස සැලකෙයි.