පාස්කු ප්‍රහාරයට බිලිවූ ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇන්ඩර්ස් හෝල්ච් පෝල්සන්ගේ දරු තිදෙනාගේ අවමංගල්‍ය කටයුතු ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරයාගේ සහ රාජකීයයන්ගේ සහභාගීත්වයෙන් සිදුකර තිබේ.
පෝල්සන් පවුල ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුර කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පසුගිය අප්‍රේල් 21දා උදෑසන ආහාරය ගනිමින් සිටි අවස්ථාවේදී ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරය එල්ල වූ අතර, ඉන් ඇල්ෆ්‍රඩ්, ඇල්මා සහ ඇග්නස් යන දරු තිදෙනා ජීවිතක්ෂයට පත්වූහ.
අර්හූස් දෙව්මැදුරේදී පසුගිය 4දා පැවති අවමංගල උත්සවයට ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය ලාර්ස් රස්මුසෙන් මෙන්ම, ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි මේරි කුමරිය, ඉසබෙලා කුමරිය, වින්සන්ට් කුමරා සහ ජොසෆින් කුමරියද සහභාගී වී සිටියහ.
දරුවන් සිව්දෙනෙකුගෙන් යුතු පෝල්සන් පවුලේ ජීවතුන් අතර සිටින එකම දියණිය වන ඇස්ට්‍රිඩ් දේවස්ථානය ඉදිරිපිට ශ්වමංජුසාවක ගැටගසා තිබූ බැලූන පොකුරක් කපා අහසට මුදා හැරියාය. පෝල්සන් ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා මෙන්ම, බ්‍රිතාන්‍යයේ දෙවැනි විශාලතම පෞද්ගලික ඉඩම් හිමියාද වෙයි. ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වත්කම් ඇ.ඩො.බිලියන 7.9කි.