FaceTime හි වීඩියෝ ඇමතුම් යාවත්කාලීන කිරීම් සහ Apple Wallet හි ඩිජිටල් යතුරු ඇතුළුව ලෝකය වසංගතයෙන් මිදීමට පටන් ගන්නා විට පැමිණෙන නව ජීවිතය වෙනුවෙන් වූ නැවුම් විශේෂාංග සමග ඇපල් සමාගම සිය වාර්ෂික ගෝලීය සංවර්ධක සමුළුවේදී iOS 15 එළිදක්වයි.
FaceTime හිදී, ඇමතුමක් අතරතුර පවා පරිශීලකයන්ට චිත්‍රපටයක් නැරඹීමට හෝ එකට සංගීතයට සවන් දීමට ඇපල් නව විකල්ප ලබාදී ඇත. ඇමතුමකදී සෑම මුහුණක්ම වඩා හොඳින් දර්ශනය කිරීම සඳහා එහි නව grid view එකක් හඳුන්වා දෙයි. එසේම ඇන්ඩ්‍රොයිඩ් සහ වින්ඩෝස් භාවිත කරන්නන්ටද දැන් FaceTime ඇමතුම්වලට සම්බන්ධ විය හැකිය.
"මේ වනවිට අපි හැමෝම බොහෝ කාර්යයන් සඳහා වීඩියෝ ඇමතුම් භාවිත කරමින් සිටිනවා" යැයි ඇපල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරු අංශයේ ක්‍රේග් ෆෙඩරිගි පැවසීය.
ඇපල් සිය Wallet යාවත්කාලීනයන් හඳුන්වා දෙන අතර, එමගින් පරිශීලකයන්ට තම නිවසේ සිට හෝටල් කාමරය දක්වා සෑම දෙයක්ම ඩිජිටල් යතුරු සමග අගුළු ඇරීමට ඉඩ සලසයි. මුදල් පසුම්බියේ සිට හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය දක්වා ඩිජිටල් ආකාරයෙන් තබා ගැනීමට නව යාවත්කාලීනයන් සමග පරිශීලකයන්ට වැඩි පහසුවක් ලබාදෙන බවද කියයි.
ඇපල් හි වාර්ෂික ගෝලීය සංවර්ධක සමුළුවේ ප්‍රධාන දේශනයේදී මෙම විශේෂාංග ප්‍රකාශයට පත් කරන ලද අතර, iOS 15 වසරේ අගභාගයේදී සාමාන්‍ය ජනතාවට ලබාගත හැකිවනු ඇති බවද සඳහන් වේ.