සිය පවුලේ උදවියගෙන් මිදී මේ වනවිට තායිලන්තයේ රැඳී සිටින 18 හැවිරිදි සෞදි අරාබියානු තරුණිය කැනඩාව, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව හෝ මහා බ්‍රිතාන්‍ය යන රටවලින් සරණාගතභාවය අපේක්ෂා කරයි.
රහාෆ් මොහොමඩ් අල්-කුනාන් නමැති ඇය බැංකොක් සිට ක්වේට් බලා යන ගුවන් යානයට නොනැග පසුගිය සඳුදා දිනයේ සිට ගුවන් තොටුපොළ හෝටල් කාමරයේ රැඳී සිටියේ තමන්ට මරණය වෙත යා නොහැකි බව පවසමිනි.
ඇය පවසන්නේ තමන් යළි කුවේටයට හෝ සෞදියට ගියහොත් සිය පවුලේ ඥාතීන් අනිවාර්යයෙන්ම තමවන්ව මරා දමන බවයි.
සෞදි නීතියට අනුව සිය ලබ්ධිය අත්හැර වෙනත් ආගමක් වැළඳ ගැනීමට යාම මරණීය දණ්ඩනයට යටත්විය හැකි වරදකි.
කෙසේ වෙතත්, මේ වනවිට ඇය තායිලන්තයේ, බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන්ගේ ආරක්ෂාව යටතේ රැඳී සිටින අතර, තායිලන්ත ආරක්ෂක අංශ විසින්ද ඇයට ආරක්ෂාව සපයා තිබේ.