දෙවැනි එළිසබෙත් රැජිනගේ ස්වාමි පුරුෂයා මෙන්ම එඩින්බරාහි ආදිපාදවරයා වන පිලිප් කුමරු පසුගිය 17දා සවස මුහුණදුන් රිය අනතුරින් පසුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවන බව පොලීසිය පවසයි.
නෝෆෝක් හි පිහිටි රැජිනට අයත් සැන්ඩ්‍රින්හැම් වතුයාය සමීපයේ සිදුවූ මෙම රිය අනතුරින් 97 හැවිරිදි පිලිප් කුමරුට හානියක් සිදුවී නොමැති බව බකිංහැම් මාලිගයද නිවේදනය කර තිබුණි.
කුමරු ගමන් ගත් රථය කාන්තාවක විසින් ධාවනය කළ මෝටර් රථයක ගැනීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරත් සමග මෝටර් රථ දෙකම පාරෙන් ඉවතට පැන තිබුණි. එමෙන්ම, කුමරු රැගත් රේන්ජ්රෝවර් රථය පෙරළී ගොස් තිබූ බව පොලීසිය කියයි.
සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව, අනතුරින් පසුව ආධිපාදවරයා අසල සිටි පිරිසේ උදව්වෙන් රථයෙන් පිටතට පැමිණි බවත්, ඒ මොහොතේ ඔහුට තුවාල කිසිවක් නොතිබුණද දැඩි කම්පනයකින් සිට ඇත.
කෙසේ වෙතත්, ඔහු ඒ අවස්ථාවේදී අනෙක් රථයේ අය පිළිබඳ සොයා බැලූ බවත්, එම රථයේ සිටි කුඩා බිළිඳෙකු නිරුපද්‍රිතව ඉවතට ගැනුණද, රථය පැදවූ කාන්තාව සහ තවත් කාන්තාවක තුවාල ලබා සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
සැන්ඩ්රින්හැම්හිදී වෛද්‍යවරයෙක් විසින් ආදිපාදවරයා පරික්ෂාවට ලක්කර ඇති අතර, සෙසු තුවාලකරුවන් එළිසබෙත් රෝහල වෙත පිටත්කර යවා ප්‍රතිකාර ලබාදී තිබේ.