ජපානයේ ඔකිනාවා දූපත ආසන්න පිලිපීන මුහුදේදී ඇමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී තිබේ.
F/A-18 හොනට් සාමාන්‍ය ආරක්ෂක මෙහෙයුමක නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, යානයේ කාර්මික දෝෂයක් ඊට හේතු වූ බව ඇමෙරිකානු හත් වැනි නෞකා බලඇණිය පවසයි.
කෙසේ වෙතත්, මෙම අනතුරින් යානය පැදවූ නියමුවන් දෙදෙනා ඉන් ඉවත්ව දිවි බේරාගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.
එහිදී, යූ.එස්.එස්. රොනල්ඩ් රේගන් ගුවන් යානා හාරක නෞකාව විසින් මෙම නියමුවන් දෙදෙනා ආරක්ෂිතව මුදාගෙන ඇති බවද සඳහන් වෙයි.
ඔකිනාවා හි ඇමෙරිකානු හමුදා කඳවුරක් පවතින අතර, එහි දහස් ගණනක් හමුදා සෙබලුන්ද රැස්ව සිටිති.