පිලිපීනයේ කොවිඩ්-19 රෝගීන්ටද ප්‍රතිකාර කරන විශාලතම රෝහලක ඇති වූ ගින්නක් හේතුවෙන් වෛරසය ආසාදිත රෝගීන් පවා රෝහලෙන් පිටතට දැමීමට සිදුව තිබේ.
මැනිලා අගනුවර රජය විසින් පවත්වාගෙන යනු ලබන පිලිපීන මහ රෝහලේ ඇති වූ ගින්නෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති වුවත්, එහි බලපෑම හේතුවෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් සඳහන්ව නැත.
ගින්න හේතුවෙන් හදිසි ශල්‍යකර්ම අවශ්‍ය වූ දෙදෙනෙකු සහ දැඩි සත්කාර ඒකකයේ ළදරුවන් 12 දෙනෙකු අවට රෝහල් වෙත මාරු කර යවා ඇති බව රෝහල් නිලධාරීන් පැවසීය.
රෝහල් කාර්ය මණ්ඩලය පැවසුවේ මධ්‍යම රාත්‍රියෙන් පසු මෙහෙයුම් කාමර සැපයුම් ප්‍රදේශයක ගින්න හටගෙන ඇති බවයි.
මෙම රෝහලේ ඇඳන් 1,300කට වඩා ඇති අතර වසරකට රෝගීන් 600,000කට ප්‍රතිකාර කෙරෙයි. කෙසේ වෙතත් වසංගතයටද මුහුණදී සිටින පිලිපීනයේ මේ දක්වා ආසාදිතයන් මිලියන 1.1ක් ඉක්මවා වාර්තා වන අතර, මරණ සංඛ්‍යාවද 19,000 ඉක්මවා තිබේ. එනම් කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් පිලිපීනය අග්නිදිග ආසියාවේ දෙවන ස්ථානයේ සිටියි.