පිලිපීනයේ ජීවිත 50කට ආසන්න ප්රමාණයක් බිලිගත් මැන්ග්ඛුට් සුළි කුණාටුව දකුණුදිග චීනය වෙත පහර දෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, පැයට කිලෝමීටර් 162 ඉක්මවන වේගවත් සුළං දහරාවක් සමග සුළි කුණාටුව හොංකොං හරහා චීනයට ඇතුළු වී තිබේ.
මෙම සුළි කුණාටුව හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුවන ප්රදේශ ලෙස චීනයේ, ගුඇන්ග්ඩොන්ග් පළාත හැඳින්වෙන අතර, හොංකොං හි දේපළ රැසකට සුළි කුණාටුවෙන් හානි සිදුව තිබේ.
පිලිපීනයේ සිදුව ඇති මරණවලින් වැඩි ප්රමාණයක් ගංවතුර තත්ත්වය සමග ඇති වූ නායයෑම්වලින් සිදුවූ මරණ බව සඳහන් වෙයි.
මැන්ග්ඛුට් සුළි කුණාටුව 2018 වසරේදී පිලිපීනයට බලපෑ ප්රබලතම සුළි කුණාටුව බව කාලගුණ අංශ සඳහන් කරයි.