ප්රංශයේ පැරිස් නුවර වීදියකදී පසුගියදා පිහි ප්රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකළ තැනැත්තා අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දෙමින් මෙම ප්රහාරය සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ප්රහාරය සිදුකළ පුද්ගලයා පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු පොලීසිය වෙතද ප්රහාර එල්ල කරන බවට තර්ජය කිරීම නිසා මෙසේ පොලීසිය විසින් වෙඩි තබා තිබේ.
මෙම ප්රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානය විසින් භාරගෙන තිබුණත්, මොහු සෘජුවම ඔවුන්ට සම්බන්ධ ප්රහාරකයෙකුට වඩා වක්රාකාරයෙන් ඔවුන්ගේ ආභාෂය ලැබූ හුදකලා වෘක්කයෙකු ලෙස විශ්වාස කරයි.
මෙම ප්රහාරයෙන් මියගිය දෙදෙනා මෙම ප්රහාරකයාගේම මව සහ සහෝදරිය වීමද විශේෂත්වයකි.
2015 වසරේදී පැරිස් නුවර එල්ල වූ ම්ලේච්ඡ ඉස්ලාම් රාජ්ය ජිහාඩ් ප්රහාරයෙන් පසුව එරට ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි පියවර ගෙන ඇති අතර, මෙම සිදුවීමද පොලීසියේ ක්ෂණික ක්රියාත්මක වීම මත තරමක් හෝ පාලනය කරගැනීමට හැකිවූ බව කියැවෙයි.
ප්රහාර එල්ල වූ ට්රැපේස් ප්රදේශයේ අධික ඉස්ලාමීය ජනතාවක් ජීවත් වන ප්රදේශයක් ලෙසද සැලකෙන අතර, මෙහි පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානය සමග එක්වීමට ප්රංශයෙන් සිරියාව බලා ගොස් ඇති බවද ආරක්ෂක අංශ අනාවරණය කර තිබේ.