පරිසර ක්‍රියාකාරිනියක ලෙස සැලකෙන ග්‍රේටා තුන්බර්ග් නමින් අලුතින් සොයාගනු ලැබූ කුරුමිනියෙකු නම් කර තිබේ.
මෙවර නොබෙල් ත්‍යාගය ඇයට හිමිවෙනු ඇති බවට මීට පෙර විවිධ අදහස් මතුව තිබුණද, නොබෙල් කමිටුව විසින් ඇයට අවස්ථාවක් ලබාදී නොතිබුණි.
ග්‍රේටා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මෑතකදී සිදුකළ කතාව කෙරෙහි ඇතැම් දෙනා යහපත් ප්‍රතිචාර දක්වා තිබුණත්, කුඩා දැරියක ලෙස ඇය එම කතාවේදී පෙන්නුම් කළ හැසිරීම ඇතැමෙකුගේ දෝෂ දර්ශනයටද ලක්ව තිබුණි.
කෙසේ වෙතත්, පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් යම් හඬක් නගමින් දරුවන්ටද පරිසරයේ වටිනාකම කියාදීමට මෙම ස්වීඩන් ජාතික දැරිය දරන උත්සාහයට දක්වන ගෞරවයක් ලෙස මෙම කුරුමිණියා ඇගේ නමින් නම්කර තිබේ.