තම සුඛෝපභෝගී පැරිස් මහල් නිවාසයේ ජලනල කාර්මිකයෙකුට පහරදී, ඔහු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සෞදි කුමරියකට මාස 10ක අත්හිටවූ සිර දඬුවමක් නියම කර තිබේ.
හසා බින්ට් සල්මාන් යනු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ 43 හැවිරිදි සහෝදරිය වන අතර, ඇය සල්මාන් රජුගේ දියණියයි.
තම නිවස තුළ ඡායාරූප ගත් බව කියන ජලනල කාර්මිකයෙකුට පහර දෙන ලෙස ඇගේ ආරක්ෂකයාට පැවසූ බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.
මෙම පහර කෑමට ලක්වූ ජල නල කාර්මිකයා පවසා තිබුණේ, මුරකරු තමා බැඳ දමා කුමරියගේ දෙපා සිප ගැනීමට බල කළ බවය.
ප්රචණ්ඩත්වය පැතිරීම සහ පැහැර ගැනීමට හවුල් වූ බවට ප්රංශ අධිකරණය විසින් කුමරිය වැරදිකරු බව බ්රහස්පතින්දා ප්රකාශ කරනු ලැබීය.
ඇය මීට පෙර තමාට එරෙහි චෝදනා ප්රතික්ෂේප කළත්, අත්හිටවූ සිර දඬුවමක් සමග යුරෝ 10,000 (ඩොලර් 8,900) ක දඩයක් ගෙවන ලෙසද ඇයට නියෝග කොට තිබුණි.
එමෙන්ම, මෙම පුද්ගලයාට පහරදුන් ඇගේ ආරක්ෂකයා වන රාණි සයිඩි වෙත මාස 80ක අත්හිටවූ සිර දඬුවමක් සහ යුරෝ 5,000 (ඩොලර් 4,460) ක දඩයක් නියම විය.