ප්‍රංශයේ පැරිස් අගනුවරදී ඇෆ්ගන් සංක්‍රමණිකයෙකු විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකින් සහ යකඩ පොලු ප්‍රහාරයකින් පුද්ගලයන් සත් දෙනෙකු තුවාල ලබා, ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රංශ වේලාවෙන් ඊයේ (09දා) රාත්‍රී 11.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඒ ආසන්නයේ පීටන්ක්යු පන්දු ක්‍රීඩාවේ යෙදුණු පුද්ගලයන් මෙම ප්‍රහාරකයා වළක්වාලීම සඳහා ඔවුන් අත වූ පන්දුවලින් ඔහුට දමාගසා ඇති බවත් සඳහන් වෙයි.
මෙම පුද්ගලයා ඇෆ්ගනිස්ථානයෙන් ප්‍රංශයට සංක්‍රමණය වූවෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
කෙසේ වෙතත්, මෙය මේ දක්වා ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු නොකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙයි.
ප්‍රහාරකයා මුලින්ම පුරුෂයන් දෙදෙනෙකු හා කාන්තාවක වෙත පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම්.කේ.2 සිනමා සංකීර්ණය අසලදීය.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ මොහු අත අඩියක පමණ දිග පිහියක් පැවති අතර, ඔහු පසුපස පුද්ගලයන් 20 දෙනෙකු පමණ පසුව ලුහුබඳිමින් ඔහු මෙල්ල කරගෙන ඇති බව සඳහන් වෙයි.
එහිදී, ප්රකෝපකාරී වී ඇති මොහු මාර්ගයේ ගමන් කළ තවත් බ්‍රිතාන්‍ය සංචාරකයන් දෙදෙනෙකු වෙතද පහරදී ඇත්තේ යකඩ පොල්ලක් යොදා ගනිමිනි.