ප්‍රංශයේ, මධ්‍යම පැරීසියේ කහ බැනියම්කරුවන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරය තෙවැනි සතියටත් දරුණු වෙමින්, කැරලි මර්ධන පොලීසිය සමග ගැටුම් උත්සන්න වී තිබේ.
ඔවුන් කඳුළු ගෑස්, දුම් බෝම්බ, ජල ප්‍රහාර එල්ල කරමින් උද්ඝෝෂකයන් පළවා හැරීමට උත්සාහ කිරීමේදී උද්ඝෝෂකයන් අතට හසුවන දෙයින් දමා ගසමින්, ගොඩනැගිලි ගිනිබත් කරමින් කටයුතු කළ බව විදෙස් වාර්තා පවසයි.
ඉන්ධන බදු වැඩිකිරීමට විරෝධය පාමින් ආරම්භ කළ උද්ඝෝෂණ ව්‍යාපාරය, සමස්තයක් ලෙස ඉහළ ගිය ජීවන වියදම දක්වා සාමාන්‍ය ජනතාව තුළ කෝපය නංවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මෙම ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 110 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ආරක්ෂක අංශ සාමාජිකයන් 17 දෙනෙකුද ඒ අතර සිටින බවත්, තවත් පුද්ගලයන් 270 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් සඳහන් වෙයි.
කෙසේ වෙතත්, ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් පවසන්නේ ඔහුගේ ඉන්ධන මිල ඉහළ යන ගෝලීය උණුසුමට එරෙහිව ගත් පියවරක් බවයි.