ප්රංශය තුළ විරෝධතාවන්ට එක්වීමේදී මුහුණ ආවරණ පැළඳිම තහනම් කරමින් නව නීතියක් සම්මත කරගැනීමට ප්රංශ පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.
කහ කබාකරුවන්ගේ විරෝධතාවන් හිදී මුහුණු ආවරණ පැළඳගෙන පැමිණ කඳුළු ගෑස් ප්රහාරයන් මැද පවා පොලීසිය වෙත ප්රතිප්රහාර සිදුකරන විරෝධතාකරුවන් පාලනයට මෙම නීතිය ගෙනැවිත් ඇත.
ඒ අනුව, මෙම නව නීතියට අනුව යම් අයෙකු මුහුණු ආවරණ පැළඳ විරෝධතාවකට එක් වුවහොත්, වසරක සිර දඬුවමකට හෝ ඇ.ඩො.17,000ක දඩයකට යටත්වීමට සිදුවනු ඇත.
මේ අතර, විරෝධතා අතරතුර පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, පොලීසිය ඉතා දරුණු ලෙස ඇතැම් විරෝධතාකරුවන්ට පහරදී ඇති බවද කියැවෙයි.
එක් විරෝධතාකරුවෙකුගේ මුහුණට සිදුකළ පහරදීමකදී ඔහුගේ ඇසට තුවාල වී එක් ඇසක් නොපෙනී යන තත්ත්වයක් පවතින බවද කියැවෙයි.