ඉන්දියාවේ නැගෙනහිර ජාර්කන්ඩ් ප්‍රාන්තය අද (23දා) සිය ප්‍රාන්ත සභාව සඳහා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
මෙය පුරවැසි පනත හමුවේ මෝදිගේ තීරණය පරීක්ෂාවට බඳුන්වන අවස්ථාවක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මිලියන 30කට වැඩි ජනගහනයක් ජීවත්ව සිටින ජාර්කන්ඩ් - වර්තමානයේ පාලනය කරනු ලබන්නේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විසිනි.
පුරවැසි පනතට විරෝධතා ප්‍රාන්ත කිහිපයකින් මතුව පැමිණියත් මෝදි කියා සිටින්නේ එය “පීඩා විඳින්නන්ට උපකාර කරනු ඇති” බවයි. නමුත් විදෙස් මාධ්‍ය මෙය උලුප්පා දක්වන්නේ එය මුස්ලිම්වරුන්ට වෙනස් කොට සැලකීමක් ලෙසිනි.
මෙම පුරවැසි සංශෝධන පනත (CAA) විසින් ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවල් තුනක මුස්ලිම් නොවන අයට ඉන්දියාව තුළ පුරවැසිභාවය ලබාදීමට තිරණය කෙරිණි.
ජාර්කන්ඩ් ව්‍යවස්ථාදායක මැතිවරණය සඳහා ඡන්ද ගණන් කිරීම සඳුදා උදෑසන ආරම්භ වූ අතර, පසුගිය සිකුරාදා අවසන් අදියර සමඟ ඡන්ද විමසීම අදියර පහක් හරහා සිදු විය.