ඉන්දියාවේ විවාදයට තුඩුදී ඇති පුරවැසි පනතට විරෝධය පාමින් කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක රාහුල් ගාන්ධි වීදි බැසීමට සූදානම් වෙයි.
ඒ අනුව, ඉන්දියාවේ නව දිල්ලියේ රාජ්ගාත් හි මහත්මා ගාන්ධි ස්මාරකය අභියසින් කොංග්‍රසය මෙම විරෝධතාව රාහුල් ගාන්ධිගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
විශේෂයෙන්ම ඉන්දියාවට ආසන්න බංග්ලාදේශය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල සිට පැමිණෙන මුස්ලිම් නොවන ජනතාවට ඉන්දියාව තුළ පුරවැසිභාවය ලබාදීමට මෝදි රජය මෙම පුරවැසි පනතින් තීරණය කර තිබුණි.
නමුත්, ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ප්රමුඛ පාන්ත 10ක නගර 13ක් පුරා ඊට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක වූ අතර, පොලීසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම්වලින් පුද්ගලයන් කිහිප 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
එහිදී, විරෝධතා මැඬපැවැත්වීමට ඇඳිරි නීතිය මෙන්ම, ඇතැම් පළාත් සඳහා අන්තර්ජාල සබඳතා ඇණහිටවීමටද ඉන්දීය රජය ක්‍රියාකර තිබුණි.