ඉන්දියාව සහ පාකිස්තානය අතර මතභේදකාරී වාතාවරණයක් පවතින අවස්ථාවේ ඉන්දීය ආරක්ෂක හමුදා දිරිගන්වන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රියාංකා චොප්රා යුද්ධයකට උඩගෙඩි දෙන බවට චෝදනා එල්ල කර තිබේ.
ලොස් ඇන්ජලීස් නුවරදී ප්‍රියංකාගේ සහභාගීත්වයෙන් පැවති රූපලාවණ්‍ය පිළිබඳ සමුළුවක් අතරතුර පාකිස්තාන- ඇමෙරිකානු ජාතික කාන්තාවක් විසින් ඇයට කුහකයා යැයි පවසා තිබුණේ, යුනිසෙෆ් සංවිධානයේ හොඳහිත තානාපතිවරියක ලෙස කටයුතු කරමින්, ලෝක සාමය ගැන කතා කරමින් යුද්ධයකට අත වනා ඇති බව පවසමිනි.
පසුගිය පෙබරවාරි මාසයේදී චොප්රා ඉන්දීය හමුදාවද සම්බන්ධ කරමින් ඉන්දියාව දිගුකල් වැජඹෙවා යනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.
එම අවස්ථාවේදී න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ මෙම රාජ්‍යයන් දෙක අතර යුදමය ගැටුමක් දක්වා උණුසුම් වාතාවරණයක් ඇතිව තිබුණි.
කෙසේ වෙතත්, අදාළ කාන්තාවගේ චෝදනාවට ප්‍රතිචාර දක්වා ඇති ප්‍රියංකා පවසා තිබුණේ, තමන්ට පාකිස්තානයේ බොහෝ මිතුරන් සිටින බවත්, තමන්ට යුද්ධයට කෑදර අයෙකු නොවුණත්, තමන්ට ජාත්‍යාලයක් ඇති බවත්ය.