බොලිවුඩයේ සුපිරි තාරකාවක වන ප්රියාංකා චොප්රා සහ ගායක නික් ජෝනෑස් අතර ඉන්දියානු සම්ප්රදායට සිදුකරන විවාහය එරට රාජකීය මන්දිරයකදී සිදුකර තිබේ.
ජෝධාපූර් උමෙයිඩ් භවන් මන්දිරයේදී මෙම විවාහය කිතුණු චාරිත්රානුකූලව සිදුවූ අතර, අද දිනයේදී හින්දු චාරිත්රානුකූල විවාහය සිදුවීමට නියමිතය.
වසරකට වැඩි කාලයක් පෙමින් වෙලී සිටි ඔවුන් දෙපළ මීට මාස හතරකට පෙර විවාහ ගිවිස ගත් අතර, ඔවුන්ගේ විවාහයේ සොඳුරු දසුන් ඔවුන්ගේ සමාජජාල ගිණුම් වෙතද යොමුකර තිබුණි.
ඔවුන් දෙදෙනාම පවසා තිබුණේ ඔවුන්ගේ විවාහයේ පැවති සුවිශේෂීත්වය නම් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් එකිනෙකාගේ විශ්වාසයන්ට හා සංස්කෘතීන්ට ගරු කරමින්, ඊට ආදරය කරමින් කටයුතු කිරීම බවයි.