අදින් වසර මිලියන 3.8ක් ඉපැරණි වානර ලක්ෂණ සහිත ආදි කාලීන වානර හිස් කබලක් ඉතියෝපියාවෙන් සොයාගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එම පර්යේෂකයන් විසින් මෙම හිස් කබල විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වී ඇත්තේ, වානර ලක්ෂණ සහිත මුතුන් මිත්තන්ගෙන් පළමු මානවයා පරිණාමය වීම පිළිබඳව දැනට පවතින මතවලට අභියෝගයක් මෙමගින් එල්ල වන බවය.
නේචර් සඟරාවේ පළ වූ මෙම සොයා ගැනීමත් සමග පළමු ආදි මානවයා ලුසී නමැති වානර විශේෂයකින් පරිණාමය වූ බවට දැනට පවතින මතය යළි සලකා බැලීමට සිදුවනු ඇති බවද විද්‍යාඥයන් පෙන්වා දෙයි.
මෙම මානව හිස් කබල මහාචාර්ය යොහාන්ස් හයිලේ සෙලාසී විසින් ඉතියෝපියාවේ මිරෝ දෝරා නමැති ස්ථානයකින් සොයාගෙන ඇති අතර, මෙම පොසිලයෙහි වැදගත්කම තමන් සැණෙකින් වටහා ගත් බවද හෙතෙම පවසා තිබේ.
ඔහු එක්සත් ජනපදයේ ඔහයිඕහි පිහිටි ක්ලෙව්ලන්ඩ් ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ විද්‍යාඥයෙකි.