යුරෝපයේ මුල් පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් දෙකක් වන ෆියට් ක්රයිස්ලර් සහ PSA ගෲප් සමාගම් ද්විත්වය ඇ. ඩොලර් බිලියන 50ක් වටිනා ඒකාබද්ධ වීමේ ගනුදෙනුවකට එකඟත්වය පළ කර තිබේ.
මෙම PSA ගෲප් යනු පර්ජෝ සහ වොක්ෂෝල් යන මෝටර් රථ නිෂ්පාදනයේ හිමිකාරීත්වය හිමි සමාගමයි.
මෙම ඒකාබද්ධ ගිවිසුම හා ඒකාබද්ධ තාක්ෂණික ක්රමවේද හරහා වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 4ක් ඉතිරි කරගැනීමේ අභිප්රායක් පවතින බවත්, මේ හරහා ලොව සිව්වැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බිහි කෙරෙනු ඇති බවත් සඳහන් වෙයි.
PSA සමාගමේ ප්රධානී කාර්ලොස් තවරෙස් නව සමාගමේ ප්රධාන විධායක නිලධාරියා වනු ඇති අතර, ඔහුට අධ්යක්ෂ මණ්ඩලයේ ස්ථානයක්ද හිමිවෙනු ඇත. මේ අතර, ෆියට් ක්රයිස්ලර් සමාගම මේ වසරේදී ඒකාබද්ධ වීමකට යත්න දැරූ දෙවෙනි අවස්ථාවද මෙයයි.
ප්රංශයේ ප්රතිවාදී මෝටර් රථ නිෂ්පාදකයෙකු Renault සමගම සමග ඒකාබද්ධවීමේ යෝජනාවක් මුලින් ඉදිරිපත් කළ ෆියට් ක්රයිස්ලර් සමාගමට ජුනි මාසයේදී ඉන් ඉවත්වීමට සිදුවූයේ රෙනෝ සමාගමේ 15෴ක කොටස් හිමි ප්රංශ ආණ්ඩුව ඊට මැදිහත්වීම නිසාවෙනි. කෙසේ වෙතත් එම ගනුදෙනුව ඉදිරියට ගියේ නම් ලොව තුන්වැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බිහිවීමට ඉඩ තිබිණි.
ෆියට් ක්රයිස්ලර් හා ප්රංශයේ PSA සමාගම් ඒකාබද්ධවීම ඉදිරි මාස 12ත් 15ත් අතර සම්පූර්ණ වීමට නියමිත අතර, එය සම්පුර්ණවීමට පෙර, PSA සමාගමේ කොටස් මිලියන 30.7ක් හිමි චීනයේ තුන්ග්ෆන්ග් මෝටර් ගෲප් සමාගම එය සමාගමට විකුණා 12.7% ක් වූ සිය අයිතිය ඉවත්කරගනු ඇත.