විලාසිතා ඡායාරූපකරණයේ සුවිශේෂී චරිතයක් ලෙස ප්‍රකට ජර්මානු ජාතික පීටර් ලින්ඩ්බර්ග් අවුරුදු 74ක් ආයු වළඳා සිය දිවි ගමනට සමුදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
කළු සුදු ඡායාරූපකරණයේ සුවිශේෂී චරිතයක් ලෙස සැලකෙන ඔහුගේ අභාවය, පීටර් ලින්ඩ්බර්ග් නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම විසින් ප්‍රකාශයට පත්කර තිබුණි.
වර්ෂ 1944 දී පෝලන්තයේදී උපත ලැබූ ඔහු, ජාත්‍යන්තර තලයේ විලාසිතා සඟරා රැසක කටයුතු කර ඇති අතර, විලාසිතා නිර්මාණකරුවන් රැසක්ද ඔහු සමග කටයුතු කර තිබේ.
වෝග් සඟරාවේ සැප්තැම්බර් කලාපය වෙනුවෙන් ඔහු අවසන් වරට සසෙක්ස් හි ආධිපාදවරිය වන මේගන් මර්කෙල් සමගද ඡායාරූප සැසියකට සහභාගී වී තිබුණි.
එහිදී, Forces for Change තේමාවෙන් යුතු සැප්තැම්බර් කලාපයේ කවරය වෙනුවෙන් ඔහු කටයුතු කර තිබුණු අතර, එය ප්‍රකට කාන්තා ක්‍රියාකාරීන්, දේශපාලඥයන් සහ නිළියන් ඇසුරෙන් කරන කවරයකි.