15 හැවිරිදි නව යොවුන් වියේ තරුණියක් ඝාතනය කිරීමේ වරදට චෝදනා ලැබ සිටි ඇෆ්ගන් සරණාගතයෙකුට ජර්මනියේදී වසර අටහමාරක සිර දඬුවමක් නියම වී තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේදී තම හිටපු පෙම්විතයට පිහි ඇනුමක් සිදුකර මරා දැමීම සම්බන්ධයෙන් අබ්දුල් ඩී නැමති මෙම සරණාගත තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම තරුණිය ඔහුගෙන් වෙන්වීමට තීරණය කිරීමත් සමග ඇය කෙරෙහි ඇති වූ ඊර්ෂ්යාවෙන් සහ ඇයගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඔහු මෙය සිදුකර ඇති බව අභිචෝදකයෝ විශ්වාස කරති.
මෙම ඝාතනය ජර්මනිය තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ අතර, එරට අන්ත දක්ෂිණාංශික පිරිස් මෙය ඔවුන්ගේ සංක්රමණික විරෝධී ප්රචාරක වැඩසටහන් වෙතද යොදාගත් සිදුවීමක් විය.