බ්‍රිතාන්‍යයේ කාර්ඩිෆ් සිටි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක එමිලීනෝ සාලා සමග ඉංග්‍රීසි ඕඩයේදී අතුරුදන් වූ ගුවන් යානය සොයා මුහුද අභ්‍යන්තරයේ සෝනාර් මෙහෙයුම් අරඹා තිබේ.
පසුගිය ජනවාරි 21දා මෙම ක්‍රීඩකයා ගමන්ගත් යානය හදිසියේම රේඩාර් තිරයෙන් අතුරුදන් වූ අතර, එම අවස්ථාවේදී ඔහුට අමතරව යානයේ නියමුවා පමණක් එහි විය.
එහිදී, යානය සොයා මූලික මෙහෙයුම් සිදුකළද මෙතෙක් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වී තිබේ.
අවසානයේදී ජිඕ ඕෂන් 3 යාත්‍රාව යොදාගනිමින් සාගර අභ්‍යන්තර සෝදිසි මෙහෙයුමක් සිදුකෙරෙන අතර, එහිදී, සාගර අභ්‍යන්තරයේ සෝනාර් විශ්ලේෂණයක් මගින් යානය පිළිබඳ හෝඩුවාවක් සොයාගැනීම අරමුණ වී ඇත.
28 හැවිරිදි වියේ පසුවූ පාපන්දු ක්‍රීඩකයා සමග අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ යැයි විශ්වාස කෙරෙන ගුවන් නියමුවා 59 හැවිරිදි ඉබොස්ටොන් ය.