එංගලන්තයේ ලෙසිස්ටර් සිටි පාපන්දු කණ්ඩායමේ හිමිකරු සහ තවත් පුද්ගලයන් සිව්දෙනෙකු හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්රකෝටිපතියෙකු වන විචායි ශ්රීවද්ධනප්රභා, ඔහුගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්, හෙලිකොප්ටරයේ නියමුවා සහ තවත් මගියෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කින්ග් පවර් ක්රීඩාංගනයේ සිට අහසට එසවුණු හෙලිකොප්ටරය එක්වරම පාලනය කරගත නොහැකිව ගිනි බෝලයක් ඇති කරමින් එය ක්රීඩාංගණය ආසන්නයේම කඩා වැටී මෙම අනතුර සිදුව තිබුණි.
මෙම ශෝකී අවස්ථාවේ ප්රකාශයක් කරමින් චාල්ස් කුමරුන් පවසා තිබුණේ තමන්ට විචායි දැන හැඳින ගැනීමට ලැබීම මහත් සතුටක් වූ බවයි. ඔහු පවුල වෙනුවෙන් ඇපකැප වූ පුද්ගලයෙකු බවද හෙතෙම පවසා තිබුණි.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ නියමුවා වසර 20කට අධික කාලයක් ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා පැදවීමේ පලපුරුද්දක් ඇතිතෙකු බවද කියැවෙයි.