පාකිස්තානයේ කරච්චි නුවර සිට රාවල්පින්ඩි දක්වා ගමන්ගත් නගරාන්තර දුම්රිය තුළ ඇති වූ ගින්නේ මරණ සංඛ්‍යාව 74ක් දක්වා වැඩි වී තිබේ.
එරට දුම්රිය අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහ්මඩ් පවසා සිටියේ දුම්රිය මැදිරිය තුළ ගෑස් උදුන් භාවිත කරමින් ආහාර සැකසීමට යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.
ගින්නෙන් මෙහි දුම්රිය මැදිරි ත්‍රිත්වයක් දරුණු ගින්නකට හසුව ඇති අතර, මියගිය වැඩි පිරිස ගිනිගෙන දැවෙන දුම්රියෙන් පිටතට පැනීමට ගොස් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් තවත් පුද්ගලයන් 40 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, බලධාරීන් සඳහන් කළේ මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවයි.