දේව අපහාස නීතියට කොටුවූ පාකිස්තාන විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
ජුනයිඩ් හෆීස් නමැති 33 හැවිරිදි කතිකාචාර්යවරයා පසුගිය 2013 වසරේ මාර්තු මස අත්අඩංගුවට පත්ව තිබුණේ සමාජ ජාල තුළ මුහම්මද් තුමාට අපහාස වන ආකාරයේ පෝස්ට් පළ කළේ යැයි පවසමිනි.
පාකිස්තානය තුළ දේව අපහාස නීතිය තදින්ම ක්‍රියාත්මක වන අතර, ඇතැම් අවස්ථාවල දැඩි මතධාරීන් පාලනය සඳහාද ඔවුන් මෙය යොදා ගන්නා බවටද චෝදනා පවතී.
මේ අතර, මෙම කතිකාචාර්යවරාය වෙනුවෙන් 2014 වසරේදී පෙනී සිටි රෂීඩ් රෙහ්මන් නමැති නීතීඥවරයාද නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක්ව ජීවිතක්ෂයට පත්විය.
එමෙන්ම, මෙම කතිකාචාර්යවරයා බන්ධනාගාරය තුළ අවස්ථා කිහිපයකදීම වෙනත් සිරකරුවන්ගේ පහරකෑමට ලක්ව ඇති නිසා ඔහු හුදකලාව තබා ඇති බවද කියයි.