පැසිෆික් සාගරයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.6ක ප්‍රබල භූකම්පනයත් සමගම නව කැලිඩෝනියාව සහ වනවාටු දූපත් වෙත හදිසි සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
මෙම අනතුරු ඇඟවීමට අනුව, මීටර් තුනක් පමණ උසකට උදම් රළ වර්ධනය වනු ඇතැයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
නව කැලිඩෝනියානු මහ කොමසාරිස් කාර්යාලය සිදුකළ නිවේදනයට අනුව ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස සඳහන් කර ඇති අතර, මුහුදු වෙරළෙන් මීටර් 300ක් රට ඇතුළටත්, ගොඩබිම හිඳ මීටර් 12ක් ඉහළටත් යන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.
ප්‍රංශ පාලනය යටතේ පවතින නව කැලිඩෝනියා දූපතට කිලෝමීටර් 155ක් දුරින් සාගරයේ, කිලෝමීටර් 10ක් ගැඹුරේ මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය වාර්තා වී තිබුණි.
ඒ අනුව භූකම්පනයේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000ක් දුරකට මෙම උදම් රළ පැමිණීමේ හැකියාවක් පවතින බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය වැඩිදුරටත් පවසයි.